ආ යූ රිලැක්සින් (Funny Story)
ඔන්න බන්ටි කියල පොරක් හිටියලු..මේ මනුස්සයට වැඩිය English එහෙම බැරිලු... ඉතින් බන්ටියත් නිකන් ඉන්න එකේ ආසාවට වගේ ගියාලු මුහුදු වෙරළකට, ගිහිල්ල පොල් ගහක් යට හෙවනේ පැදුරක් එලාගෙන විවේකීව ඉන්නවලු . බන්ටි එහෙම ඉන්නවා දැක්ක සුද්දියෙක් බන්ටිගේ ලගට ඇවිල්ල “ආ යූ රිලැක්සින් ?” කියලා ඇහුවලු.
“නෝ අයෑම් බන්ටි” කියල ආඩම්බරෙන් කිව්වලු
ආයේ ටික වෙලාවකින් සුද්දෙක් ඇවිල්ල ඇහුවලු
“ආ යූ රිලැක්සින් ?”
“නෝ අයෑම් බන්ටි”
මේ වගේ හතර පස් දෙනෙක්ම ඇවිල්ල බන්ටිගෙන් මේ ප්රවශ්නෙම ඇහුවලු. ඉතින් මල පැන්න බන්ටිය පැදුරත් අකුලගෙන වෙන තැනකට යද්දි දැක්කලු මූ වගේම ගහක් යට හෙවනේ විවේකීව ඉන්න කොල්ලෙක්ව. අර ප්රලශ්නෙම මේ කොල්ලගෙන් අහන්න බන්ටියට හිතුනලු, ඉතින් මූ ලගට ගිහිල්ල ඇහුවලු
“ආ යූ රිලැක්සින් ?”
“යර්ස්, අයෑම් රිලැක්සින්” කියලා අර කොල්ල කිව්ව ගමන් බන්ටියට තවත් මල පැනල අර අහිංසකයට කෑගැහුවලු..
“තමුසෙ මහ යකාගේ මිනිහෙක්නේ ඕයි. තමුසෙ ගානක්වත් නැතුව මෙතෙන්ට වෙලා ජොලියේ ඉන්නවා..අන්න අරහෙ තමුසෙව හොයනවා.......
- උපුටාගැනීම එක්තරා ෆෝරමයකිනි
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com