ආඩුයිනෝ පාඩම් මාලව 1 - හදුන්වාදීම
කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකට පස්සෙ
ඔන්න මට ගිනිදැල් පෝස්ට් එකක් ලියන්න හිතුනා අද මං ගිනිදැල් වලින් කියලා දෙන්න
හිතුවෙ ආඩුයිනෝ ගැන. සමහරු මේ වචනෙවත් අහලා නැතිව ඇති. එහෙම අයටත් එක්ක මුල ඉදලා
මම අද ඉදන් ආඩුයිනෝ ටියුට් ඔයාලට දෙන්න හිතුවා එහෙනම් අද මුලින්ම ඔයාලට කියන්නෙ මේ
ආඩුයිනෝ කියන්නෙ මොකක්ද කියලා.
ආඩුයිනෝ කියන්නේ ප්‍රෝග්‍රෑමින්
ලැන්වේජ් එකක් ඒවගේම එක එක සර්කිට් පරිගනකය ආදාරයෙන් හදාගන්න පොඩි සොෆ්ට්වෙයර්
එකක් ඒවගේම පොඩි හාඩ්වෙයාර් කොටසකුත් මේකෙ තියෙනවා. ඔන්න ඒක නිසා තමයි ආඩුයිනෝ
විශේෂ වෙන්නේ. ඉස්සෙල්ලම ඔයාල ආඩුයිනෝ බෝර්ඩ් එකක් මිලට ගන්න ඕනෙ.
ඔයා ආඩුයිනෝ වලට අලුත් කෙනෙක්නම් මම ඔයාට නිර්දේෂ කරනවා ආඩුයිනෝ ජෙනුයිනෝ
ඌනෝ ( Arduino Genuino
Uno ) කියන බෝඩ් එක. ආඩුයිනෝ බෝඩ් වර්ග
බොහෝමයක් තියෙනවා. ආධුනිකයන්ට නම් හොද මේ කියන Uno බෝඩ් එක.
මේ Uno බෝර්ඩ් එකක් ලංකාවෙ මුදලින් (ඔයා ලංකාවෙන් මිලදී ගන්නවනම්) රු. 950/=
විතර තමා වෙන්නෙ. මේක ඊට වඩා බොහොම අඩු මුදලකට ගන්න පුලුවන් Ebay, Amazan වගේ සයිට් එකකින් ඔයා ඇණවුම් කලොත්. එතකොට නම්
ඔයාට ඇමරිකානු ඩොලර් 4.00 වගේ ගානකට මේ බෝර්ඩ් එක ගන්න පුලුවන්. එහෙමත්
නැත්නම් ඔයාලගෙ ගෙවල් පැත්තෙ තියෙන ඉලෙක්ට්‍රොනික් කඩේකින් හෙව්වත් මේවගේ බෝර්ඩ්
එකක් ගන්න බැරිවෙන එකක් නෑ.
ඔයා දැන් මේ බෝර්ඩ් එක මිලදී ගත්තට
පස්සෙ ඔයාට අවශ්‍ය වෙනවා,
- පරිඝනකයක් (වැඩ කරන එකක් වෙන්න ඕනෙ. නැත්නම් ඉතිම් බෑනෙ. :D)
- පොඩි සොෆ්ට්වෙයාර් එකක් (මේක ආඩුයිනෝ නිල වෙබ් අඩවියෙන් නොමිලේ බාගන්න ගන්න පුලුවන්)
- ඒ වගේම වෙන වෙන සර්කිට් වලට අවශ්‍ය පොඩි හාඩ්වෙයර් කෑලි ටිකක්
ඉස්සෙල්ලම ඔයා මෙතනින් (84mb) ගිහින් ආඩුයිනෝ
සොෆ්ට්වෙයාර් එක බාගන්නකෝ. ඊට පස්සෙ ඒක ඉන්ස්ට්‍රෝල් කරගන්න. මං
මේකෙන් සර්කිට් එකක් හදන එක ඊලග ටියුට් එකෙන් කියලා දෙන්නම්. දැන් අපි ඉගෙන ගමු
ආඩුයිනෝ බෝර්ඩ් ගැන සහ බෝර්ඩ් එකේ විවිධ Pins ගැන,
මෙන්න මේ තියෙන්නෙ (Arduino Genuino Uno) බෝඩ් එකක් මේකෙ විවිධ Pins තියෙනවා. ඒ ගැන මේ පහල තියෙන පින්තූරෙන් බලාගන්න පුලුවන්.
මෙන්න විවිධ ආඩුයිනෝ බෝර්ඩ්ස් වර්ග
මේක Arduino Genuino Uno බෝර්ඩ්
එකක්
මේක Arduino Mega බෝර්ඩ් එකක්
මේක Arduino Pro බෝර්ඩ් එකක්
මේක Arduino Pro Mini බෝර්ඩ්
එකක්
මේක Arduino Leonardo බෝර්ඩ් එකක්
මේක Arduino Due බෝර්ඩ් එකක්
මේක Arduino Yun බෝර්ඩ් එකක්
මෙහි දෙවන කොටස හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරමි.
ela ela bro. niyamay. thawa damu
ReplyDeleteමකරද ලියන්නෙ? :D එල එල... දිගටම ලියන් පලයන්... දෙන්නා තරහා වෙන්න එපා... සහයෝගෙන් හිටපන්...
ReplyDeleteow bro. makara thamay ආඩුයිනෝ gena liyanne... :D
Delete