ගූගල් ගේම් ගහමු. 4 කොටස - ගූගල් අකුරු සෙවීම
මේ දවස්වල විභාගය නිසා පෝස්ට් ලියන්න බැරිඋනා.. නැවතත් අර විදියටම පෝස්ට් ලියනවා...
මම ගූගල් ගේම් ගැන මීට කලින් ලිපි 4ක් විතර ලිව්වා. ඒවා
මෙතනින් බලන්න.
අද මම කියලා දෙන්න යන්නේ තවත් ඒවගේ ගේම් එකක් ගැන. මේක අර කලින් කියපු ඒවට වඩා ගොඩක් අමාරුයි. මේකෙත් තියනවා ලෙවල් 5ක්. ඒ වගේම මේක ගහන් තියෙන්නේ ක්ලික් කරලා අපිට ඕන තැන ක්ලික් කලහම ඒ කොටුවට යනවා.
මේක ආවහම මුලින්ම අපිට කැමති කෙනෙක්ව තෝරගන්න පුළුවන්.
ඒවගේම මේකේ ඉන්න රොබෝලගෙන් පරිස්සම් වෙලා ඉන්න ඕන. ඒ කියන්නේ ඒ අයගේ ඇගේ හැප්පෙන්නේ නැතුව යන්න ඕන. මේ ඉන්නේ ඒ රොබෝලා
මම පළවෙනි එක කරන විදිය කියලා දෙන්නම්.
පළවෙනි එක හරිම ලේසී.
- ඔය රතු පාටින් 1 කියලා දාලා තියන තැනින් තමයි අප ගේම් එකට එන්නේ. ඊළග ලෙවල් එකට යන්නනම් ආයි ඔතනටම එන්න ඕන.
- ඔය 2 කියලා දාලා තියන තැන මුලින්ම තියෙන්නේ අංක 4 තියන විදිය. එතනට ගිහිල්ලා ක්ලික් කලාට පස්සේ තමයි ඔය විදියට කහ පාට වෙන්නේ. ඒ තියෙන්නේ ස්විච් එකක් කියලා හිතන්නකෝ. ඒ ස්විච් එක දාන එකෙන් වෙන්නේ අංක 3 තියන සුදු පාට කොටුව උඩ යට යන එක.
- ඒ අංක 3 තියන සුදු කොටුව ලිෆ්ට් එකක් කියලා ගන්නත් පුළුවන් ඒක උඩ යට යට විදියට...
- ඒ අංක 4 තියන ස්විච් එකෙන් වෙන්නේ අංක 5 තියන කොටුව එහා මෙහා යන එක. මෙතන යද්දී අර 8 කියලා දාලා තියන රොබෝගේ ඇගේ හැප්පෙන්න බෑ.
- අංක 5ටත් තියෙන්නේ සුදු කොටුවක්. ඒකෙන් පුළුවන් එහා මෙහා යන්න
- අංක 6ට තියෙන්නේ අපි හොයපු අකුර. ඔය විදියට ගූගල් කියලම හොදන්න ඕන. අපි දැන් ඉන්නේ පළවෙනි ලෙවල් එකේනේ. ඒක නිසයි එතන G තියෙන්නේ.
- එතන තියන G අකුර ගත්තහම අර අංක 7 කිටලා දාලා තිටන තැන තියන G අකුර පාට වෙනවා. ඒ කියන්නේ ලෙවල් 1 හරි.
දැන් ආයිමත් යන්න ඕන අර දොර ලගට. ඒ යද්දී අර අංක 8 කියලා දාලා තියන රොබෝගේ ඇගේ හැප්පෙන්න බෑ.
පහල තියනවා ලෙවල් ටිකේ ස්වභාවය..
 |
Level 01 |
 |
Level 2 |
 |
Level 3 |
 |
Level 4 |
 |
Level 5 |
මේ ගේම් එක ගහලා අඩුම කාලයකන් දිනන්නේ කව්ද කියලා බලමු.. ඔන්න මම දැන්මම දැම්මා. මට ගියේ 18:59 තප්පර.
Comments
Post a Comment
මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com