ඔරිගාමී | Origami

ඔන්න ගිනිදැල් වලින් අද ඉදලා ගේනවා ඔරිගාමී නිර්මාණ කරන විදිය... මේ පෝස්ට් එකෙන් මම ඔයාලට කියන්න උත්සහකරන්නේ ඔරිගාමී කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ඔරිගාමී හැදින්වීම..





ඈත අතීතයේ සිට අද දක්වා ජපන් ජාතිකයින්ගේ අනන්‍යතාවයේ ප‍්‍රබල සලකුණක් ලෙස ‘ඔරිගාමී’ කලාව ප‍්‍රධාන වේ. ‘ඔරිගාමී’ යන්නෙහි තේරුම ‘කඩදාසි නැවීම’යන්නයි. ‘ඔරි’ යනු ජපන් භාෂාවෙන් නැවීම යන තේරුම දෙන වචනයක් වන අතර‘ගමි’ යනු ‘කඩදාසි’ යන තේරුම දෙන ජපන් වචනයකි. කඩදාසිය නිපද වූ චීනයේ‘ඔරිගාමී’ කලාව පළමුවෙන් උපන්න ද පසුකාලීනව එය බහුල වශයෙන් ජපානයෙ පැතිරී ගියේය. ජපන් ‘ඔරිගාමී’ කලාව අවුරුදු දහස් ගණනක් ඈත ඉතිහාසයකට නෑකම් කියනු ලබන්නකි. අද වන විට ලොව පුරා රටවල එය ප‍්‍රචලිතය. මුලින් ජපන් සංස්කෘතියට අදාළ සාම්ප‍්‍රදායික කලාවක් ලෙස ‘ඔරිගාමී’ පැවතුණත් 15 වන සහ 16වන සියවස්වලදී එය අධ්‍යාපනික අංශයට සහ සාමාන්‍ය ජීවිතයට ද හඳුන්වාදෙන ලදී.කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනය වීම සඳහාත් ‘ඔරිගාමී’ කලාව ඉතා වැදගත් වේ. වැඩිහිටියන්ට ද මානසික සුවය වර්ධනය කර ගැනීමට විනොදාංශයක් ලෙස යෙදීමට හැකි කලාවකි මෙය. නව නිර්මාණ බිහිකිරීමට මෙන්ම හැඩ තල නිර්මාණයේදී සරල ගණිත සංකල්ප ඉගෙන ගැනීමට ද ‘ඔරිගාමී’ මගින් හැකිවේ. යමක් ඉවසීමෙන් සහයොගයෙන් කිරීමට ද ඉගෙන ගත හැකිවේ.‘ඔරිගාමී’ සඳහා අවශ්‍ය එකම අමුද්‍රව්‍ය වන්නේ හතරැස් කඩදාසි කැබල්ලකි. ඊට අමතරව ඇතැම් නිර්මාණ සඳහා කතුරක් සහ ගම් අවශ්‍ය වන අවස්ථා ද තිබේ.ජපන්‘ඔරිගාමී’ කලාව වර්ග දෙකක් වේ. ඒ චාරිත‍්‍රයක් ලෙස තෑගි එතීම සඳහා භාවිතා කරන‘ඔරිගාමී’ කලාව සහ කුරුල්ලන්, සතුන්, මාළුවන්, කෘමිසතුන්, මිනිස්රූප,ගෘහභාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය සැකසීමට භාවිතා කරන ‘ඔරිගාමී’ කලාව වශයෙනි.‘ඔරිගාමී’ කලාවේ ජනපි‍්‍රයතම නිර්මාණය වන්නේ කොකා ය. කෙනෙකු‘ඔරිගාමී’ ක‍්‍රමයට කඩදාසි කොකුන් 100 ක් සෑදුවොත් ඔහුගේ බලාපොරොත්තු සැබෑ වන බවට ද ජපන් ජාතිකයින් අතර විශ්වාසයක් පවතී. කොකුන් 1000 ක් සෑදුවොත් රෝගී පුද්ගලයෙක් ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලබන බව ද ඔවුන්ගේ විශ්වාසයකි.‘ඔරිගාමී’ කොකා සාමයේ සංකේතයක් ලෙස ද ඔවුහු සලකති.හිරෝෂිමා සහනාගසාකි නගරවල පිහිටි උද්‍යානවල තිබෙන පරමාණු බෝම්බ හෙළීමේ සිහිවටන අසල ‘ඔරිගාමී’ කොකුන් විශාල සංඛ්‍යාවක් තබා තිබේ.අනෙකුත් ජනපි‍්‍රය ‘ඔරිගාමී’නිර්මාණ වන්නේ මල්, බැලුන්, මත්ස්‍යයින්, මැඩියන් ආදියයි.ජපානයේ සංස්කෘතික උත්සව, නිවෙස්වල පවත්වන උපන්දින හා විවාහ උත්සවල දී අමුත්තන්ට විනෝදය ගෙන දීමට ද ‘ඔරිගාමී’ කඩදාසි කලාව උපයෝගී කරගනු ලැබේ.






එහෙනම් බලමු ඔරිගාමී කොකාව හදන්නේ කොහොමද කියලා. 



ඕක තේරෙන්නේ නැත්නම් මේක බලන්න - 

උඩ තිබුනා නේද,
කොකුන් 1000 ක් සෑදුවොත් රෝගී පුද්ගලයෙක් ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලබන බව ද ඔවුන්ගේ විශ්වාසයකි.
මේ තියෙන්නේ එහෙම හදපු ඒවා,



මේ තියෙන්නේ ඒකෙන් කරපු නිර්මාණයක්..


එහෙනම් ඔය ඇති නේද... මේ වගේ ප්‍රයෝජනවත් ලිපි සතියට එකක් අනිවාර්යයෙන්ම ගිනිදැල් තුලින් නිකුත් වෙනවා.. ඒ නිසා ගිනිදැල් සමග දිගටම රැදී සිටින්න.. 

Comments

  1. Follow කරන්න ගැජට් එකක් තිබ්බ නම් අලුත් පෝස්ටු අපිට එනව :)

    ReplyDelete

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts