How to Start a Blog?

බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නේ කේසේද?

බොහෝ ආරම්භක බ්ලොග් නිර්මාන කරුවන් ගේ ප්‍රශ්නයක් වන බ්ලොග් අඩවියක් ආරම්භ කරන්නේ කේසේද? (How to start a Blog) යන්න ගැනයි අද අපි කතාකරන්න යන්නෙ. මෙම ලිපියෙන් අපි බලමු සරලවම බ්ලොග් අඩවියක් ආරම්භ කරන්න අවශ්‍ය ප්‍රධානම කරුනු මොනවාද කියා.
දැනුම්දීමයි : බ්ලොග් අඩවියක් ආරම්භ කිරීම ගැන සහ එය සාර්ථකව පවත්වාගෙන යාම ගැන නවතම ලිපි අප මෙම අඩවියේහි නිතරම පල කරන බැවින් ඔබ අප හා එක්වී සිටීමෙන් අලුත් ලිපි පල වූ සැනින් ඔබව දැනුවත් කිරීමට අපට පහසුවෙන්ම හැකිය.


පියවරෙන් පියවර බ්ලොග් අඩවියක් අරඹමු.

ඔබේම බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රධාන පියවර කීපයක් ඇත. ඒවා නම්:

  1. Topic එකක් නොහොත් ඔබට හොදින්ම ගැලපෙන මාතෘකාවක් තොරා ගැනීම.

  2. ඔබගේ බ්ලොග් අඩවියට Platform හෙවත් වේදිකාවක් තොරා ගැනීම.

  3. ඩොමේන් (Domain) නාමයක් සහ හොස්ටිං (Hosting) සේවාවක් සපයා ගැනීම.

  4. බ්ලොග් අඩවිය ඔබගේ අවශ්‍යතාවයට සුදානම් (Configure) කිරීම.

  5. ඔබගේ බ්ලොග් අඩවිය Design නොහොත් නිර්මාණය කර ගැනීම.

  6. Contant නොහොත් අන්තර්ගතයන් නිර්මානය කිරීම ඇරඹීම.

මෙම How to Start a Blog පියවරයන් ගැන ඉතා සරලව පහත තේරුම් කර ඇති අතර මෙම සියලු පියවර පිලිබදව දීර්ග විස්තර පසුව වෙනත් ලිපි තුලින් අපි සාකච්චා කරමු.
අපි දැන් බ්ලොග් අඩවියක් මුල සිටම නිර්මානය කරමු.

පලමු පියවර: සාර්ථක මාතෘකාවක් තෝරා ගනිමු.

ඔබගේ අලුත්ම බ්ලොග් අඩවිය ඔබට කැමති ඔනෑම මාතෘකාවකට (topic) අදාලව නිර්මානය කිරීමට හැකිය. මන්ද ඔබ කැමති මාතෘකාවට තවත් බොහෝ දෙනෙකු කැමති වීමට ඔනැ තර්ම් ඉඩ ඇති බැවිනි.
නමුත් ඔබගේ බ්ලොග් අඩවිය සාර්ථක කර ගැනීමට නම් ඔබ වැඩි කැමැත්තක් දක්වන, ඔබ හොදින් දන්නා විෂයක් තුලින් මාතෘකාවක් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඒම ව්‍යාපාරය සම්බන්දව, ඔබ ගුරුවරයෙකු නම් ඔබ උගන්වන විෂය ගැන වුවත් සුදුසුය. එමෙන්ම ඔබගේ බ්ලොග් අඩවිය එක් විෂයකටම ආවේනික වීමටද උවමනා නැත ඔබ කැමති, ඔබ දන්නා විෂයන් කීපයක් ගැන උවද විවිධ මාතෘකා යටතේ නිර්මානය කල හැකිය.
අන්තර්ජාල ව්‍යාපාරයක් සදහා මාතෘකාවක් තෝරා ගැනීමට නම් තරමක් ගැඹුරින් අන්තර්ජාලය අධ්‍යයනය කල යුතු අතර ඒ සම්බන්දව සම්පූර්න ලිපියක් අප පසුව ඉදිරි පත් කිරීමට සූදානම් කර ඇත.

එතෙක් මෙම සරල ප්‍රශ්න වලට පිලිතුරු සැපයීමෙන් ඔබට ඔබගේ පලමු බ්ලොග් අඩ්වියට හොද මාතෘකාවක් පහසුවෙන්ම තොරාගැනීමට හැකිය.

  • ඔබගේ විනෝදාංශ මොනවාද?

  • ඔබ මිතුරන් සමග හෝ හිතවතුන් සමග වැඩියෙන්ම සාකච්චා කිරීමට කැමති විෂය, මාතෘකාව?

  • ඔබ පාසලේදී හෝ උසස් අධ්‍යාපනයේදී වැඩිම දක්‍ෂතා දැක්වූ හෝ දක්වන විෂය?

  • ඔබගේ රැකියාව විශේෂ දැනුමක් අවශ්‍ය රැකියාවක්ද?

  • ඔබ පොත් පත් කියවනවාද? එම පොත් පත් ගැන විචාරයක් ඉදිරි පත් කිරීමට හැකිද?

මෙම ප්‍රශ්න වලට පිලිතුරු සපයා එඉන් ඔබට වඩාත්ම සුදුසු මාතෘකාවන් එකක් හෝ කීපයක් ඔබගේ අලුත්ම බ්ලොග් අඩවියට තෝරා ගන්න. වඩාත්ම වැදගත් වන්නේ ඔබ ඒම මාතෘකාවන්ට දක්වන කැමැත්ත සහ එ් සම්බන්දව ඔබට ඇති දැනුමයි. ඔබ අන් අයට වඩා යමක් ඒම මාතෘකාව ගැන දන්නවානම් වඩාත්ම සුදුසුයි.

මාතෘකාවක් තෝරාගැනීම පිළිබදව වැඩි විස්තර සදහා.

ප්‍රායෝගික මාතෘකාවක් තොරාගන්නේ කෙසේද?
ඔබගේ බ්ලොග් අඩවියට ගැලපෙන මාතෘකාවන් 100ක්. (ලගදීම)

දෙවන පියවර: බ්ලොග් අඩවියට වේදිකාවක් තොරා ගමු.

බ්ලොග් එකක් ආරම්භ කර එය අන්තර්ජාලයේ පල කිරීමට ඔබට තවත් අවශ්‍යවන සේවාවක් තමයි Blogging Platform නොහොත් ඔබගේ බ්ලොග් අඩවියට වේදිකාවක්.
ඔබට බොහෝ බ්ලොග් වේදිකාවන් අන්තර්ජාලයේ සොයාගැනීමට හැකිය. එයින් සමහරක් නොමිලේම වන අතර තවත් සමහරක් මුදල් ගෙවා ලබාගත හැකි සේවාවන්‍ ය. මේ අතරින් බොහෝ ආදුනිකයන්ගේ තේරීම වන්නේ නොමිලේ ලබාදෙන Blogger සහ WordPress.com සේවාවන්‍ ය. නමුත් එම සේවාවන්වල ඔබට බ්ලොග් නිර්මාන කරුවෙකු ලෙස ලැබෙන වරප්‍රසාද බොහෝ සීමිතය, ඔබේ අඩවිය වර්ධනය වනවිට ඔබට අවශ්‍ය පහසු කම් සපුරා ගැනීමට ඔබට අනිවාරෙන්ම මුදල් ගෙවන වේදිකාවක් තොරා ගැනීමට සිදුවෙනවා.
බ්ලොග් වේදිකාවන් ගැන වැඩි දුර විස්තර සදහා අපගේ නිර්දේශිත මෙවලම් සහ සේවාවන් යන පිටුවට පිවිසෙන්න.
කෙසේ නමුත් මාගේ ඉහලම නිර්දේශයනම්, ඔබ නිසි ආකාරව ඔබගේ බ්ලොග් අඩවිය සම්පූර්නයෙන්ම සැලසුම් කර එක්වරම මුදල් ගෙවා ඔබට සම්පූර්න පාලනය ලැබෙන වේදිකාවක් තෝරාගැනීමය. අවම වශයෙන් එක් අවුරුද්දකටවත් එය ගැනීමෙන් ඔබට අවුරුද්දක කාලයක් එම බ්ලොග් අඩවිය ඔනෑම වෙනසක් කරමින් වර්ධනය කරගැනීමට හැකිය.

මාගේ තේරීම: WordPress වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වේදිකාවය

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වේදිකාව වඩාත් ප්‍රචලිතම වේදිකාව වී ඇත්තේ,

  • එය සම්පූර්නයෙන්ම නොමිලයේ සපයන සේවාවකි.

  • එය ඉතා පහසුවෙන් සකසා ගත හැකිය.

  • ඔබට අවශ්‍ය ඔනෑම ආකාරයට ඔබගේ බ්ලොග් අඩවිය සාදා ගැනීමට අව්ශ්‍ය Plugins ප්ලගින (මෙවලම්) ඔනෑ තරම් එයට තිබීම.

වර්ඩ්ප්‍රෙස් සේවාව දෙආකාරයකට අපට ලබාගත් හැකිය එනම් WordPress.com සේවය සහ WordPress.org සේවය. මෙම සේවාවන් දෙකේ වෙනස නම්:
  1. WordPress.com : මෙම සේවාව වර්ඩ්ප්‍රෙස් හෝස්ටිං සමග පැමිනෙන අතර ඔබට ඔබගේ ඩොමේන් නාමය වර්ඩ්ප්‍රෙස් නාමයට බැදි නාමයක් ලෙස (yourdomain.wordpress.com) හෝ ඔබේම ඩොමේන් නාමයක් යටතේ (ඔබේම ඩොමේන් නාමයක් සදහා ඔබ මුදල් ගෙවිය යුතුය) හෝ නොමිලේම ලබාගත් හැකිය. නමුත් ඔබට අවශ්‍ය අනෙකුත් බොහෝ විශේෂාංග, සේවාවන් සහ මෙවලම් සදහා මුදල් ගෙවිය යුතුය.

  2. WordPress.org : මෙම සේවාව සදහා ඔබ වෙනමම හොස්ටිං සේවාවක් සහ ඩොමේන් නාමයක් සපයා ගත යුතු වන අතර ඔබගේ අඩවියේ සම්පූර්න පාලනය ඔබට නොමිලයේම ලබාගත හැකිය එනම් මෙහි ඔබගේ බ්ලොග් අඩවියෙහි පෙනුම, ක්‍රියාකාරකම් සහ ඔබ අඩවියෙන් මුදල් උපයන ආකාරය සම්පූර්නයෙන්ම ඔබගේ පාලනයේය.

මගේ නිර්දේශය නම් ඔනෑම අයෙකු යා යුත්තේ WordPress.org සේවාවට යන්නයි. එය සුලු මුදලකට ඔබට සම්පූර්න පාලනය ලැබෙන සේවාවකි. ඔබ නොමිලේ සපයන සේවයට ගොස් ඔබගේ අඩවිය වර්දනය වනවිට හෝ ඔබට අවශ්‍ය විශේෂාංගයක් අඩවියට ඇතුලු කිරිමේදී මුදල් ගෙවීමට සිදුවන අතර එයට බොහෝවිට WordPress.org සේවාවට වඩා වැඩි මුදලක් අවසානයේදී ඔබ යට කරනු ඇත.
ඔබ මෙම අත්‍යාවෂ්‍ය සේවාවන් සදහා මුදල් යෙදවීමට තරම් තත්වයක නොමැතිද? එසේනම් අවම පහසුකම් යටතේ ඇති Google වෙතින් සපයන බ්ලොග්ගර් (Blogger) සේවය ලබා ගැනීම නුවනට හුරුය. නමුත් හොදින් මතක තබාගන්න ඔබ ඔබගේ බ්ලොග් අඩවියෙන් මුදල් ඉපයීමට උත්සහ කරන්නේනම් එයට ඇති අවස්ථාව නොමිලයේ ලැබෙන සේවාවන් වල ඉතා අඩුය.

තුන්වන පියවර: ඩොමේන් නාමයක් සහ හොස්ටිං සේවාවක් සපයා ගනිමු.

Domain name ඩොමේන් නාමය

දැන් ඔබ ඔබගේ බ්ලොග් අඩවිය නිර්මානය කරන වේදිකාව තෝරාගෙන අවසන්‍ කියා මා සිතනවා. දැන් ඔබ ඔබගේ බ්ලොග් අඩවියට නමක් සාදා ගත යුතුයි එනම් ඩොමේන්  නාමයක් (Domain Name) සාදා ගත යුතුයි. මගේ බ්ලොග් නාමය වන sinhalablogger.com වගේ ඔබේම නාමයක්.
මෙම පියවර මුදල් ගෙවා ලබා ගන්නා හෝස්ටිං සේවයකට පමනක් නොව නොමිලයේ සපයන හෝස්ටිං සේවයකට පවා වැදගත් වේ.
ඩොමේන් නාමයක් තීරනය කිරීමේදී සැලකිය යුතු කරුනු කීපයක්ම ඇතත් මෙහිදී අප ප්‍රධානතම කරුනු පමනක් සලකා බලමු.
  1. ඔබගේ නාමය පහසුවෙන් කියවා තේරුම් ගැනීමට හැකි එකක් විය යුතුයි.

  2. පහසුවෙන් මතක තබාගත් හැකිනම් වඩාත් සුදුසුය.

  3. ඩොමේන් නාමය ඔබගේ විෂයට හෝ ප්‍රධාන මාතෘකාවට අදාල වීම ඉතා යෝග්‍යයි.

  4. ඔබගේ බ්ලොග් අඩවියට අදාල සෙවුම් සදහා යොදා ගන්නා ප්‍රධාන පද, මුඛ්‍ය පද (Keywords) ඇතුලත් නමක් තෝරා ගැනීම සෙවුම් යන්ත්‍ර (Search Engine) තුල ඔබගේ අඩවිය ශ්‍රේනි ගත කිරීමේදී ඉතා වැදගත් වේ.

  5. එම නාමය ඔබටම අවේනික නාමයක් කරගැනීමට හැකිනම් වඩාත් හොදයි. ප්‍රසිද්ධ නම් වලින් ඔබගේ බ්ලොග් අඩවිය නම් කිරීම ඔබටත් එම නම් හිමි ආයතනහෝ පුද්ගලයන්ටත් ප්‍රශ්න ඇති කල හැකි බැවින් මදක් සිතා නිර්මානාත්මකව නමක් තෝරා ගන්න.

  6. ඔබ නිර්මානය කරන්නේ පුද්ගලික බ්ලොග් අඩ්වියක් නම් ඔබගේ නම සහ තේමාව එක් කර නමක් යොදා ගැනීමට උත්සහ කරන්න.

ඔබගේ ඩොමේන් නාමය තොරා ගැනීම පිලිබදව වැඩි විස්තර ඩොමේන් නාමයක් තෝරා ගන්නේ කෙසේද ලිපිය තුලින්. එම ලිපියත් ඔබ ඔබගේ බ්ලොග් අඩවියට නමක් තෝරා ගැනීමට ප්‍රථම කියවීම ඉතාමත් යෝග්‍යය.
ඔබ තෝරාගත් නාමය කුමක් වුවත් එය අන්තර්ජාලයේ ලියාපදිංචි කර ගැනීම සදහා ඔබට උපකාර කිරීමට වෙනම සේවා ස්ථාන ඇත. ඔබ කල යුත්තේ එම සේවා සපයන අඩවියකට ගොස් ඔබ තෝරාගත් නම සුලු මුදලක් ගෙවා අවුරුදු එකකට හෝ අවුරුදු කීපයකට ලියාපදිංචි කරවා ගැනීමය.
සැලකිය යුතුයි: සමහර වේලාවට ඔබ තෝරාගත් නම දැනටමත් තව අයෙකු ලියාපදිංචි කර ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවක ඔබගේ නාමය මදක් වෙනස්කර ලියාපදිංචි කල හැකිය.

Web Hosting  හෝස්ටිං සේවාව

ඔබගේ බ්ලොග් අඩවියට ඩොමේන් නාමයක් සමගම තවත් සේවාවක් සපයා ගැනීමට අවශ්‍ය වේ එනම් හෝස්ටිං සේවාවයි. මෙම හෝස්ටිංන් සේවාව අවශ්‍ය වන්නේ ඔබගේ බ්ලොග් අඩවියේ සියලුම දත්ත සහ ඔබගේ බ්ලොග් වේදිකාවට අන්තර්ජාලයේ ඉඩක් ලබාදීමටය.
ඔබට මෙම අවශ්‍යතා දෙකම බොහෝවිට එකම වහලක් යටින් සපයාගැනීමට හැකිය.
ඔබට ඔබගේ ඩොමේන් නාමය ලියාපදිංචි කර හෝස්ටිං සේවයද ඒ සමගම ලබාගත හැකි අඩවි කිපයක් අප සොයා බලමු.

අප නිර්දේශ කරන ඩොමේන් සහ හෝස්ටිං සේවා අඩවි කීපයක්.

Sri Lanka Hosting – ඔබ අපේ දේ අගයනවානම් මෙන්න හොද විශ්වාස වන්ත සේවාවක්. (affiliate)
GoDaddy –  ඉතා හොද සහ සහනදායී මිලකට ලබාගත හැකිය. (affiliate)
Hostgator – මෙයත් මා භාවිතා කර ඇති ඉතා හොද සේවාවකි. (affiliate)
Bluehost – මෙයත් ඉතා ප්‍රචලිත සේවාවකි. (affiliate)
JustHost – මෙයත් ඉතා ප්‍රචලිත හෝස්ටිං සේවාවකි. (affiliate)
මෙම සේවා අඩවි වලින් ඩොමේන් නාමය සමග හෝස්ටිං සේවාවද ලබාගැනීමේදී ඔබට වෙන වෙනම මිලදී ගන්නවාට වඩා අඩු මුදලකට ලබා ගත හැකිය. එමෙන්ම එසේ ලබාගැනීමෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවිය සැකසීමද බොහෝ පහසු වනු ඇත. මේ පිලිබදව වැඩි විස්තර වඩාත්ම සුදුසු WordPress Hosting සේවාවක් තෝරා ගන්නේ කෙසේද ලිපිය තුලින්.

හතරවන පියවර: ඕබගේ බ්ලොග් අඩවිය ඇතුලත සකසා ගනිමු.

දැන් අපි ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත සකසා ගන්නේ කෙසේදැයි සොයා බලමු.
ඔබ ඔබගේ ඩොමේන් නාමය සහ හෝස්ටිං සේවාව ඉහත දක්වා ඇති සේවයකින් ලබාගත්තේ නම් ඔබගේ බ්ලොග් අඩවිය සදහා වර්ඩ්ප්‍රෙස් (WordPress) පිහිටුවා ගැනීම ඉතා පහසුය. මෙම සේවාවන් සියල්ලම වාගේ Wordpress one click installation හෙවත් එක ක්ලික් එකකින් වර්ඩ්ප්‍රෙස් පිහිටුවීමේ සේවය ලබාදී ඇත.
ඔබ  කල යුත්තේ මෙම සේවාවලින් ඔබට ලබාදෙන C-Panel හෙවත් පාලන පුවරුවට ගොස් එහි ඇති බ්ලොග් වේදිකාවන් තේරීමේ ස්ථානයෙන් වර්ඩ්ප්‍රෙස් (WordPress) ලකුණ ක්ලික් කර ඔබගේ දත්ත පිලිවලින් ඇතුලත් කර පිහිටුවීම.(Install) සදහා ඇති බොත්තම එබීම පමනි, එවිට විනාඩි කීපයක් ඇතුලත ඔබගේ බ්ලොග් වේදිකාව ඔබට සම්පූර්නයෙන්ම පිහිටුවා ගත හැකිය.
මෙම වර්ඩ්ප්‍රෙස් පිහිටුවීම පිලිබදව වැඩි විස්තර ඇතුලත් WordPress ස්ථාපනය කරගන්නේ කෙසේද ලිපියත් කියවන්න.

පස්වන පියවර: බ්ලොග් අඩවියේ පෙනුම නිර්මානය කරමු.

මෙම පියවර සදහා ඔබට වර්ඩ්ප්‍රෙස් සේවාව පිලිබදව තරමක අවබෝධයක් තිබිය යුතුය. ඔබගේ පහසුව සදහා අප මෙම පියවර, පියවර කිපයකට බෙදා වෙනම ලිපියක ඉදිරිපත් කර ඇත. මෙහි අප එම පියවර මොනවාදැයි බලමු.

එම පියවර පිලිවලින්:

  1. ඔබගේ වර්ඩ්ප්‍රෙස් වේදිකාවට පිවිසීම (Log in).

  2. උපකරණ පුවරුව (Dashboard) හදුනා ගැනීම.

  3. මූලික සැකසීම් කීපයක්.

  4. Theme නොහොත් තේමාවක්  පිහිටුවා ගැනීම.

  5. ඔබගේ බ්ලොග් අඩවියේ සැලැස්ම සැකසීම.

  6. ලිපි (Post) සහ පිටු (Page) හදුනා ගැනීම.

  7. ලිපි සහ පිටු  නිර්මානය.

වර්ඩ්ප්‍රෙස් භාවිතා කර ඔබගේ බ්ලොග් අඩවිය සාදාගැනීම පිලිබදව WordPress නවකයන්ට අත්වැල ලිපි මාලාව තුලින්.

හයවන පියවර: බ්ලොග් අන්තර්ගතයන් සූදානම් කර ගනිමු.

දැන් ඔබ ඔබගේ බ්ලොග් අඩවිය සම්පුර්නයෙන්ම නිර්මානය කර අවසන්. දැන් ඔබ කල යුත්තේ ඔබගේ බ්ලොග් අඩවියට අත්‍යාවශ්‍ය පිටු සහ ලිපි නිර්මානය කිරීමයි.
ඔබගේ බ්ලොග් අඩවියේ මූලික සැකසුම් ඔබ විසින්ම කලත් එම කාර්‍ය අපගේ බ්ලොග් සැකසුම් සේවාව වැනි සේවාවක් හරහා සිදුකලත් ඔබ දැන් බ්ලොග් අඩවියක හිමි කරුවෙකු හැටියට එම අඩවියට අදාල පිටු සදහා අන්තර්ගතයත් එහි පල කරන ලිපි නිර්මානය කිරීමත් ඔබ විසින්ම යම්තාක් දුරකට වත් කල යුතුය. පසුව ඔබගේ අඩවිය වර්ධනය වන විට ඔබට තවත් ලිපි රචකයන් හට ඔබගේ බ්ලොග් අඩවියට ලිපි ලිවීමට ආරාධනා කල හැකිය, නැතහොත් මුදල් ගෙවා අදාල මතෘකාව සදහා ලිපි ලියවා ගැනීමටද හැකිය.
අපගේ අන්තර්ගතයන් නිර්මානය නැමති පිටුවේ බ්ලොග් අඩවි සදහා ලිපි නිර්මානය කිරීම සම්බන්දයෙන් ඔබ දැනගත යුතු සියලු කරුනු ගැන ලිපි ලියවී ඇති බැවින් එම ලිපි කියවා ඔබට ඔබගේ ලිපි ලිවීම ගැන අදහසක් ලබාගත හැකිය.
දැනට අපි ඔබගේ බ්ලොග් අඩවියට අතුලත් විය යුතු ප්‍රධාන පිටු මොනවාද යන්නත් බ්ලොග් අඩවියේ පල කල හැකි අන්තර්ගතයන් වර්ග ගැනත් ඉතා කෙටියෙන් සොයා බලමු.

බ්ලොග් අඩවියක තිබිය යුතු ප්‍රධාන පිටු කීපයක්.

  1. About හෙවත් හැදින්වීම : ඔබගේ බ්ලොග් අඩවිය ගැන සහ ඔබ ගැන සරල හැදින්වීමක් සහිත පිටුවක්.

  2. Contact හෙවත් විමසීම් : ඔබගේ අඩවියට පැමිනෙන පාඨකයන් හට ඔබව හෝ ඔබගේ සේවාවන් සමග සම්බන්ද වීමට ඔබගේ විද්‍යුත් ලිපිනය, දුරකතන අංක, ලිපිනය වැනි දත්ත.

  3. Services හෙවත් සේවාවන් : ඔබගේ යම් සේවාවන් ඇතොත් එම සේවාවන් පිලිබද විස්තර අඩංගු පිටුවක්.

  4. Archives හෙවත් ලිපි එකතුව : ඔබගේ බ්ලොග් අඩවියේ පල කරන සියලුම ලිපි එකතුවක පිටුවක්. ලිපි වර්ගය අනුව වෙන් කර උවද මෙම ලිපි එකතුව සකස් කල හැකිය.

  5. 404 Not Found හෙවත් සොයාගත නොහැක : මෙය ඔබගේ බ්ලොග් අඩවියේ බිද වැටුනු සහ ඉවත් කරන ලද Link හෙවත් සබැඳි ඇති විට එම සබැඳි වෙනුවට දිස්වන පිටුවක්‍ ය. මෙය නිසි ආකාරව සැලසුම් කිරීමෙන් ඔබගේ මෙවන් බිදුනු සබැඳි කරා පැමිනෙන පාඨකයන් ඔබගෙ අඩවියට අහිමි වීම වලක්වා ගත හැකිය.

බ්ලොග් අඩවියේ පල කල හැකි අන්තර්ගතයන්.

ඔබට අන්තර්ගතයන් බ්ලොග් ලිපි ආකාරයට හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය යන ඔනෑම ආකාරයකට නිර්මානය කර පල කිරීමට අද අන්තර්ජාලයේ ඔනෑ තරම් පහසුකම් ඇත. නමුත් ඔබගේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීම සදහා සුදුසුම වන්නේ බ්ලොග් ලිපි ආකාරයට පල කරන අන්තර්ගතයන්‍ ය. එබැවින් අප දැනට ඉතා කෙටියෙන් ඔබට පල කල හැකි ලිපි වර්ග කීපයක් හදුනා ගනිමු.
  1. Story හෙවත් කතා ලිපියක් : ඔබට කැමති ඔනෑම කතාවක් සිත් ඇදගන්නා සුලු ආකාරයකට ලියා පල කිරීම.

  2. List හෙවත් ලැයිස්තු ලිපියක් : ඔබ කැමති ඔනෑම මාතෘකාවකට අදාල වන ලැයිස්තුවක්.

  3. Review හෙවත් සමාලෝචන ලිපියක් : ඔබ කැමති ඔනෑම දෙයක් පිලිබද හැදින්වීමක් හෝ විචාරයක් ලිපියක් අකාරයට ලිවීම.

  4. Link හෙවත් සබැඳි ලිපියක් : ඔබ වඩාත්ම ප්‍රිය කරන තවත් අඩවියකට හෝ කීපයකට සබැඳියාවන් ලබා දීමට ලිපියක්.

  5. Tip හෙවත් තොරතුරු ලිපියක් : ඔබ දන්නා හෝ අලුතෙන්ම ඉගනගත් දෙයක් පිලිබද වැඩි දෙනෙකු නොදන්නා තොරතුරු කීපයක ගොනු කිරීමක්.

  6. Question හෙවත් ප්‍රශ්නයක් ලිපියක් : ඔබගේ පාඨකයන් හට පිළිතුරු සැපයීමට ප්‍රශ්නයක් යොමු කිරීම. ප්‍රශ්නයකට ඔබගේ පිළිතුරම ප්‍රශ්නයක් ආකාරයට යොමු කිරීමද ඔබට කල හැකිය.

  7. Answer හෙවත් පිළිතුරු ලිපියක් : ඔබගේ පාඨකයන් ගේ හෝ සමාජයේ ඇති ප්‍රශ්නයකට ඔබගේ කෝනයෙන් පිලිතුරක් සැපයීම.

ඔබගේ බ්ලොග් අඩවියට අන්තර්ගතයන් නිර්මානය කිරීම පිලිබදව බොහෝ ලිපි අපගේ අන්තර්ගතයන් නිර්මානය යන පිටුවෙන් ඔබට කියවීමට හැකිය.

ඔබ ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කෙරුවාද?

ඔබ මෙම ලිපියේ සදහන් ආකාරයට බ්ලොග් අඩවියක් ඇරඹුවාද? එසේනම් එහි විස්තර සහ ඔබගේ නිර්මානයට මෙම ලිපිය කොපමන උපකාර වූවාද යැයි දැන ගැනීමට මා ඉතා කැමතිය. එමෙන්ම ඔබට දැනටමත් WordPress හෝ Blogger අඩවියක් තිබේනම් එයත් මෙහි Sinhala Blogger පාඨකයන් හට දැන ගැනීම පිනිස කෙටියෙන් හදුන්වා දෙන්න අමතක නොකරන්න.
මෙම ලිපිය කියව්වාට පමනක් නොව බ්ලොග් අඩවි නිර්මානය කිරීම ගැන උනන්දුවක් දක්වන ඔබගේ හිත මිතුරන් ඇතොත් ඔවුන් අතරද මෙම ලිපිය බෙදා ගන්නවාට,

ගොඩාක් ස්තූතී


Original Post - http://www.sinhalablogger.com/start-a-blog/how-to-start-a-blog-in-sinhala/

Comments

Popular Posts