ගූගල් වල හැංගිලා තියන ඩයිනෝසිරස් ගේම් එක.

Image result for Google dinosaurs gameඅද ඔයාලට ගෙනාවේ Data හෝ Network නැති Offline වෙලාවට ගහන්න පුළුවන් ගූගල් එකේම ගේම් එකක් ගැන. මම ඉස්සෙල්ලත් කියලා දුන්නා ගූගල් විසින් නිපදවපු ගේම් ටිකක්. ඒවා බලපු නැති අය බලලා ඉන්නකෝ.. 
ඔය ටික තමයි දැනට පෝස්ට් දාලා තියන ගූගල් විසින් නිපදවපු ගේම් ටික. හැබැයි ඕවා ගහන්න ඩේටා ඕන. මම අද කියලාදෙන්න යන්නේ ඩේටා නැතුව ගහන එකක්. මේ ගේම් එක ඩයිනෝසිරස් කෙනෙක් පතොක් ගස් උඩින් පැන පැන යන්න තියෙන්නේ. බලමු මේක ගහන්නේ කොහොමද කියලා....

  1. මොකද්ද කරන්න තියෙන්නේ
7යිනෝසිරස් කෙනෙක් ඉන්නවා. කාන්තායක වගේ. එයා දුවනවා. දුවද්දී හම්බ වෙනවා පතොක් ගස්. ඒ ගස් උඩින් පැන පැන යන්න තියෙන්නේ. පතොක් ගසක හැප්පුනොත් අවුට් වෙනවා. ඕකයි ගේම් එකේ තියන මූලික කතන්දරය. පතොක් ගස් වලට අමතරව කුරුල්ලෝ, වතුර බට වගේ දේවලුත් එනවා. ඒවගෙනුත් බේරිලා යන්න ඕන.

2.  කොහොමද ගේම් එක ගහන්නේ

ගේම් එක ගහන්න නෙට්වර්ක් නැතිවෙන්න ඕන. එහෙම උනානම් Pic 01 වල තියන අංක 2 දාලා තියන විදියට එනවා. ඊට පස්සේ ක්රොම් එකට ගිහින් මොනවා හරි ටයිප් කරන්න. එතකොට Pic 01 වල දාලා තියන අංක 1 විදියට වැටෙයි. ඊට පස්සේ Space Button එක හෝ Up arrow key එක ඔබන්න. (මෙහි රූප අපැහැදිලිනම් රූප උඩ ක්ලික් කරන්න)

img 01
Pic 01


දැන් ගේම් එක පටන් ගත්තා. දැන් බලමු ගේම් එකේ තියන දේවල් මොනවද කියලා... Pic 02 එකේ තියන්නේ ගේම් එකේ තියන දේවල්. 

  • ඩයිනෝසිරස් - Pic 02 රූපයේ තියන 3 අංකයේ තියෙන්නේ ඩයිනෝසිරස්. එයා එක දිගට යනවා. එයාව පතෝක් ගස් වලින් බේරගෙන ගෙනියන්න ඕන. 
  • පතොක් ගස් - Pic 02 රූපයේ 4 අංකයේ තියෙන්නේ පතොක් ගස්. ඒ ගස් වල ඩයිනෝසිරස් වැදුනොත් පරාද වෙනවා. ඒ ගස්වල ගෑවෙන්නේ නැති වෙන්න ගෙනියන්න ඕන. Pic 04 රූපයේ තියෙන්නේ ඩයිනෝසිරස් උඩ පනිනවා. ඒ විදියට උඩ පනින්නනම් Space Button එක හෝ Up arrow key එක ඔබන්න ඕන. ඒ විදියට පතොක් ගස්වලින් බේරිලා යන්න ඕන. ඒ වගේම හම්බ වෙනවා එක එක විදියට තියන පතොක් ගස්.  ඒ කිව්වේ ලග ලග එක දිගට තියන ගස්, ඇතින් තියන ගස්. දිගටම ගියපු ඒවා, තනිව තියන පතොක් ගස්, කොටට තියන ඒවා, උසට තියන ඒවා වගේ තියනවා. ඒවට හොදට හිතලා Space Button එක හෝ Up arrow key එක ඔබන්න ඕන. උදාහරණයක් විදියට එක දිගටම එක ලග තියන ගස් වලට ඒ ගස ලගටම එනකම් ඉදලා ඔබන්න. නැතිනම් ගස් උඩට ඩයිනෝසිරස් වැටෙයි.
  • වළාකුළු - Pic 02 රූපයේ 5 අංකය තියෙන්නේ වළාකුළු. ඒ වළාකුළු ගැන හිතන්න එපා. ඒවා දාලා තියෙන්නේ ලස්සනට. 
  • පාර - Pic 02 රූපයේ 7 අංකයෙන් තියෙන්නේ පාරක්. පාරත් වළාකුළු වාගෙමයි. ඒවෑන් කිසි අවුලක් නෑ. 
  • ලකුණු - Pic 02 සහ Pic 03 රූපවල 6 අංකයෙන් තියෙන්නේ මේ වටයේ ලබා ගත්ත ලකුණු. තරගයේ ඩයිනෝසිරස් දුවන විට ලකුණු ලැබෙනවා. ඒ ලැබෙන්නේ කොහොමද කියලා ගහනකොට තේරෙයි. 
  • HI  - ඒ වගේම ඔයා දැනට ගහපු වටවල වැඩිම ලකුණු ගත්තේ කොහොමද කියලාත් තියනවා. Pic 03 වල 10 අංයෙන් තියෙන්නේ ඒක.



img 02
pic 02
img 03
Pic 03
img 04
Pic 04


  • ඔය ගේම් එකේ ලකුණු 500ක් විතර ගැහුවහම දුඹුරු පාට ස්ක්‍රීන් එක කළු පාට වෙනවා. ඒ කියන්නේ රෑ වෙනවා. රෑට කාක්කෝ එහෙම පියාඹනවා. අපේ ඩයිනෝසිරස් කාක්කන්ගේ හැප්පුනොත් පරාද වෙනවා. ඒ නිසා කාක්කෝ පහලින් ආවොත් උඩ පනින්න. කාක්කා ඩයිනෝසර්ගේ ඔළුව ගාවින් ගියොත් ඔලුව පාත් කරන්න. ඔලුව පාත් කරන්නේ Arrow key වල පහළට යන key එකෙන්. Pic 05 වල 12 වෙනි අංකයෙන් තියෙන්නේ අඩයිනෝසර් ඒවගේ පහත් වුනු එකක්...

img 05
Pic 05


හොදයි. ඕක තමයි ගේම් එකේ විස්තරේ. දැන් ඔයාලට මම අභියෝගයක් දෙනවා. ඔය විදියට ගේම් එක ගහලා, හම්බ වුණ වැඩිම ලකුණුවල ස්ක්‍රීන් ෂොට් එකක් පහලින් (කමේන්ට්) දාන්න. මමත් දානවා. ඒකෙන් වැඩිම ලකුණු ගත්ත කෙනාගේ සයිට් එකේ බැනර් එකක් මේ සයිට් එකේ දාගන්නවා සතියක්. අද ඔක්තෝබර් පළවෙන්දා. දින 20ක් ඉවර වෙද්දී ඒ කියන්නේ ඔක්තෝබර් 20 වෙනදා වෙනකොට දාලා තියන වැඩිම ලකුණු ගාන තමයි බලන්නේ.

ඒවගේම මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා..

Comments

  1. ඕකට ඉංග්‍රීසියෙන් කියන්නෙ T -Rex Running කියලා. තව ඔය එන්නෙ කාක්කො නෙවෙයි. :)
    ජුරාසික් යුගයේ පක්ශීන්ට විශේෂයක්.

    නියමයි, පෝස්ට් එක ලියන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. සුබ පතනවා. 8-) මම මේකෙ ගහලා තියෙන වැඩිම ලකුනු 2856යි. :P ඒකෙ ස්ක්‍රීන් ශොට් එකක් නම් නෑ. දැනට ගොඩක් කාලෙකට කලින් වින් කරපු එකක් :-)

    ReplyDelete
    Replies
    1. thanx makoroo. T-Rex Running kiyana eka samara aya danne naha. enisai ehema damme.

      oyata ai net nathi welawk balala screen shot ekak gahala danna. but "october 20" wenakam pamanai.

      Delete
  2. කෝ? කව්රුත් දාලා නෑනේ? මකරෝ ඔයාගේ බැනර් එකක් හරි සතියක් දාගන්න.. (සතියයි. 27 වෙනිදා අයින් කරන්න ඕන..)

    ReplyDelete

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts