මඩේ ලගින තාරාවන් - Song lyrics


duck in mud සඳහා පින්තුර ප්‍රතිඵල 
ඔන්න අද ඉදලා මම සින්දුත් ගේනවා.... 

අද ගේන්නේ තාරාවෝ ඉගිලෙති නම් නාට්‍යයේ ගීත කිහිපයක්...



මඩේ ලඟින තාරාවන් නාවන්නද මං
ඌරු දළෙන් මොන ගජ මුතු අරගන්නද මං
චපල හිමිට සිරි යහනේ රැවටෙන්නද මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

මදන ඇතුන් නෙලුම් හුයෙන්//
බැඳගන්නද මං
දුවන මුවන් දැක ලන්නද
නෙලූ පලා මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං

මඩේ ලඟින..

හමන සුළන් මකුලු දැළෙන්//
වළකන්නද මං
කොහොඹ ගහෙන් කොහොම සඳුන්
මල් නෙළන්නෙ මං
එහෙම කලොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං
මෝඩ ගෑණි මං
ගායනය - මර්සි එදිරිසිංහ
නාට්‍ය - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ (ලූෂන් බුලත්සිංහල)



කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන් චූන් චෑන්
මේක ගෙනෙන් චූන් චෑන්
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං
කඩේ දුවනවා මං...
කෑම හොයනවා මං

කෑමට රුසියෝ... මේ සිංගප්පූරුවෙ වැසියෝ...//
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස්ගෙඩියක් දන් දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..

ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ..
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ

කඩේට පලයන් චූන් චෑන්..

ගායනය - රොඩ්නි වර්ණකුල
නාට්‍ය - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ (ලූෂන් බුලත්සිංහල)

සෝ‍බා‍ව‍ දේ‍ මෙ‍පු‍ර‍ සි‍රි‍ වි‍සි‍තු‍රු‍
බ‍ල‍නු‍ මි‍තු‍රු‍ ම‍ග‍ පි‍ය‍ක‍රු‍ වූ‍
සු‍සු‍දු‍ ව‍ලා‍ කැ‍ර‍ලි‍ ප‍ල‍ස‍කි‍ මේ‍
ම‍ග‍ දි‍ග‍ ඇ‍ති‍රූ‍
අ‍හ‍ස‍ සූ‍ර‍න‍ මැ‍දු‍රූ‍

පා‍ර‍ දෙ‍පැ‍ත්තේ සොඳුරු සල්පිල්වල
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ

සෝබාව දේ...

ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා

දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අමකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ

සෝබාව දේ..

සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා

සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ


සෝබාව දේ.. //

නාට්‍යය‍ - තා‍රා‍වෝ‍ ඉ‍ගි‍ලෙ‍ති‍ (ලූෂන් බුලත්සිංහල)
ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්ණකුල , යූ‍. ආ‍රි‍ය‍වි‍ම‍ල්‍

Comments

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com