Tab එකක වැඩ කිඩ
අපිට ඕන Tab එකකට මේවා කරන්න පුළුවන්
හරි වැඩි කථා ඕන්නෑ අපි වැඩේට බහිමුකෝ
හරි වැඩි කථා ඕන්නෑ අපි වැඩේට බහිමුකෝ
Pin කිරීම
ඔයාල ටැබ් එකක් ඕපන් කරන්න. ගිනිදැල් එකේ ටැබ් එක ගන්නකෝ. ටැබ් එක රයිට් ක්ලික් කරන්න. හතරවෙනි එක Pin tab කියලා ඇති. ඒක ක්ලික් කරන්න. සයිට් අයිකන් එක පේන නිසා සයිට් එක මොන සයිට් එකද කියලා හොයාලන්න.New tab
මේකෙදි මම කියන්නේ අළුත් ටැබ් එකක් ඕපන් කරන විදිය. "ඕක මහලොකු දෙයක්ද අන්තිමට ඕපන් කරල තියන ටැබ් එකට එහා පැත්තේ තියන කොටුව එබුවහම ටැබ් ඕපන් වෙනවා" කියලා කවුරුහරි කියන්නපුළුවන. ඕවා ඔබ ඔබ ඉන්නේ ෂොට්කට් කී තියෙද්දී ctrl+t එබුවහම අළුත් ටැබ් එකක් ඕපන් වෙනවා.Reload Tab
ඕකටත් උඩ බටන් එකක් තියනවා. ෂොට්කට් කී එකකුත් තියනවා ctrl+r කියලා කරලා බලන්නකෝ
Duplicate Tab
මේකෙන් වෙන්නේ ඕපන් කරන් ඉන්නවා වගේම තව ටැබ් එකක් ඕපන්වෙනවා. මේකටනම් ෂෝට්කට් කී නෑ. ටැබ් එක රයිට්ක්ලික් කරලා 3 වෙනියට තියන Duplicate කියන එක ඔබන්න.Mute Tab
මේකෙන් වෙන්නේ ඕපන් කරන් ඉන්න ටැබ් එකේ තියන සවුන්ඩ් ඇහෙන්නේ නැතුව යනවා. මේකටත් 4අරවගේම ටැබ් එක රයිට් ක්ලික් කරලා පස්වෙනියට තියන Mute Tab කියන එක ඔබන්න. මියුට් කරපු ටැබ් එකේ පෙන්නවා පොඩි අයිකන් එකක්. ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්...Unmute Tab
දැන් ඕපන් කරල තියන ටැබ් එකේ සද්දේ නෑ. මාර වැඩේ. ආයි සද්දේ ගන්න ඕනෙ නම් අර විදියටම ටැබ් එක රයිට් ක්ලික් කරලා පස් වැනියට තියනවා Unmute Tab කියලා. හරි දැන් සද්දේ තියනවා.Close tab
මේකෙන් වෙන්නේ ඕපන් කරලා තියන ටැබ් එකක් වහන එක. මේකෙත් ටැබ් එකේ තියන කතිරේ ඔබලා පුළුවන්. ctrl+w ඔය තියෙන්නේ ෂෝට්කට් කී එක.Close other tab
මේකෙන් වෙන්නේ දැන් ඉන්න ටැබ් එක හැර අනිත් ටැබ් ක්ලෝස් කරන එක. ටැබ් එක රයිට් ක්ලික් කරලා හත් වෙනියට තියන එක ඔබන්න. එකින් එක වහනවට වඩා මේ වැඩේ ලේසීනේ. ටැබ් එක රයිට් කරලා හත්වෙනියට තියන එක ඔබන්න.Close tab to the right
මේකෙත් වෙන්නේ උඩ එකේ වැඩේමයි. හැබැයි හැම එකක්ම නෙමෙයි. දැන් ඉන්න ටැබ් එකට දකුණු පැත්තෙ තියන ඒවා විතරයි වැහෙන්නේ ටැබ් එක රයිට් කරලා අටවෙනියට තියන එක ඔබන්න.Reopen Close tab
අපිට වැරදීමකින් අත්යවශ්‍ය ටැබ් එකක් අයින් වුනොත් අපරාදේ නේද.. ක්රම 2ක් තියනවා
1. එකක් තමයි ctrl+h ඔබලා එතනින් අයින්වෙච්චි එක හෝයාගන්නවා.
එච්චර කරදර වෙන්න එපා.
2. දැනට ඕපන් වෙලා තියන ඕනෑම ටැබ් එකක් රයිට් කලික් කරලා නව වෙනියට තියන Reopen Close tab කියන එක ඔබන්න තියෙන්නේ.
1. එකක් තමයි ctrl+h ඔබලා එතනින් අයින්වෙච්චි එක හෝයාගන්නවා.
එච්චර කරදර වෙන්න එපා.
2. දැනට ඕපන් වෙලා තියන ඕනෑම ටැබ් එකක් රයිට් කලික් කරලා නව වෙනියට තියන Reopen Close tab කියන එක ඔබන්න තියෙන්නේ.
Bookmark
මේකෙන් වෙන්නේ මොකක් නිතර යන සයිට් එකක උඩ තියාගන්න එක. නැත්නම් ඒක සච් කරකර ඉන්න එපෑ. වැඩේ ලේසියි. ඕන සයිට් එකට ගියා ctrl+d ඔබන්න තියෙන්නේ. ඊට පස්සේ කොටුවක් එනවා ඒකේ පේන්න ඕන නම දෙන්න.Bookmark all
මේකෙන් වෙන්නේ අර වැඩේමයි. වෙනසට තියෙන්නේ ඕපන් කරන් ඉන්න ටැබ් ඔක්කොම එනවා. හදිස්සියකදී වැඩේ ලේසියි. මේකට ක්රම 2ක් තියනවා. ඕන සයිට් එකට ගියා ctrl+shift+d ඔබන්න.නැත්නම් ඕන සයිට් එකට ගිහිල්ලා ටැබ් එක උඩ රයිට් ක්ලික් කරලා අන්තිමට තියන එක ඔබන්න.
මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් ප්රයෝජනවත් වෙයි කියලා.
මේවගේ පෝස්ට් එකක් සමගින් ලබන සතියේදී හමුවෙමු.
සුබ දවසක් හැමෝටම..
ela. :-)
ReplyDeleteතෑන්ක්ස් 0xEDD1E
ReplyDeletehttps://androidbookblog.blogspot.com/
ReplyDeleteඑළමකිරි!
ReplyDelete