සිංහලෙන් ටයිප් කරමු...

මම අද කියල දෙන්න යන්නේ ඔයාලට සිංහලෙන් ටයිප් කරන්න ලේසි විදියක් ගැන. ගොඩක් අය ටයිප් කරන්නේ ඉංග්රීසියෙන්. නැත්නම් ඉංග්රීසියෙන් ගහලා යුනිකෝඩ් වලට දාලා කොපි කරනවා. ගොඩක් දිග  වැඩක් ඒත් අද මම කියන්න යන්නේ එච්චර මහන්සි වෙන්නැතුව ලේසියෙන් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් විදියක් ගැන. එහෙනම් අපි බලමු කොහොමද කියලා....
මේක ලේසී කිව්වට දවස් දෙකක් විතර යනකං අමාරුයි. අනිවා දවස් දෙකක් කලාට පස්සේ වැඩේ අල්ලගන්නවමයි..
මේකට පොඩි සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරගන්න ඕන. මට ඒ සෙෆ්ට්වෙයා එක ඔයාලට දෙන්න බෑ. හැබැයි නම කියන්නම්. SinhalaTamil IME තමයි නම.. මෙතනින් ගිහිල්ලා ගන්න.

හරි දැන් බලමු කොහොමද ටයිප් කරන්නේ කියලා..
මුලින්ම මේ රූපය ඩව්න්ලෝඩ් කරගන්න..

ඔක බලාගෙන වර්ඩ්වල හරි නොට්පෑඩ් වල හරි ටයිප් කරන්න. ඔය පත්තර කෑල්ලක්, සිංහල පොතක් වගේ ටයිප් කරන්න. හැබැයි සිංහල ෆොන්ට් ඕන. එහෙම දවස් 2ක් විතර ටයිප් කරහම වැඩේ පාඩං. ඔය වැඩේ තවත් ලේසියි සමහරර කීබෝඩ් වල සිංහල, දෙමළ, ඉංග්රීසි අකුරු ලියලා තියනවා. එහෙම අකුරු තියන කීබෝඩ් එකක් ඔයා ළගත් තියනවනම් පාඩංකරකර ඉන්න දෙයන් නෑ.. 
මතක තියාගන්න මේ යුනිකෝඩ් එහෙම නෙමේ..
දැන් සිංහල ෆොන්ට් නැතත් ඉන්ටනෙට් එකේ ඕන තැනක (බ්ලොග්, සයිට් චැට් බොක්ස්) ටයිප් කරන්න පුළුවන්. 
මොනවහරි ප්රශ්න, යෝජනා, චෝදනා තියනවනම් කරුනාකර කමේන්ට් එකක් දාන්න. සතුයින් බාරගන්නවා වගේම ඒ කමේන්ට් මේ සයිට් එකේ ඉදිරි අනාගතේට ගොඩක් වැදගත්... 

එහෙනම් අර සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්රෝල් කරගෙන අකුරු ටික පාඩම්කර ගෙන මෙතනින් ඇවිත් චැට්කරමු...

Comments

Post a Comment

මේ සයිට් එක ගැන හෝ මේ පෝස්ට් එක ගැන අදහස්, යෝජනා, චෝදනා සියල්ලම සතුටින් භාර ගන්නවා. ඒ අහහස් මේ සයිට් එකේ දියුණුවට ගොඩක් වැදගත් වෙනවා.. My mail - induwarauthsara@gmail.com

Popular Posts